Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික විරහිත කලාපයක් කිරීමට කැප වෙනවා

උතුරු කොරියා නායකයා කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික විරහිත කලාපයක් බවට පත් කිරීම සඳහා කැප වන බව ප්‍රකාශ කළ බව චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි. එසේම ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ සාකච්ඡා කිරීමට කිම් ජොන්-අන් සිය සූදානම තහවුරු කළ බව ද එහි වැඩි දුරටත් දැක් වේ.

ෂින්හුවා පුවත් සේවය ඒ බව අනාවරණය කරන්නේ පසුගිය දා අනපේක්ෂිත ලෙස සිදු වූ උතුරු කොරියා නායකයා ගේ චීන සංචාරයෙන් පසු ය.

චීනයට පැමිණි උතුරු කොරියා විශේෂ දුම්රිය ආපසු පිටත් යෑමෙන් අනතුරුව උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් චීනය පැමිණ බව දෙරට විසින්ම තහවුරු කරනු ලැබීය.

ඒ අනුව 2011 වසරේ උතුරු කොරියාවේ නායකත්වයට පත් වීමෙන් පසු කිම් ජොන්-අන් සිදු කළ පළමු විදේශ සංචාරය ලෙස මෙම සංචාරය ඉතිහාස ගත වනු ඇත.

උතුරු කොරියාවේ සහ චීනයේ නායකයින් ගේ මෙම හමුව සිදු වන්නේ දකුණු කොරියා සහ ඇමෙරිකා නායකයන් හා උතුරු කොරියා නායකයාගේ හමුවට සූදානමක් ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එළැඹෙන අප්‍රියෙල් මාසයේ දී කිම් ජොන්ග්-අන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-යින් අතර හමුවද මැයි මාසයේ දී කිම් ජොන්ග්-අන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ද පැවැත්වෙනු ඇති බව විශ්වාස කෙරේ.

එම සමුළු සොල් නුවර දී හා වොෂින්ටනයේ දී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා පෙර සූදානමක් ලෙස චීන නායක ෂි ජින්පින්ග් සහ කිම් ජොන්ග්-අන් හමුව පැවැත්වුණ අතර එම සාකච්ඡා සාර්ථක බව චීනයේ ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

උතුරු කොරියා නායකයාගේ චීන සංචාරය සිදු කෙරුණේ ඉතා රහසිගත සැලසුමකට අනුවය. එමෙන්ම ඒ සඳහා දැඩි ආරක්ෂක වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක විය. චීනයේ බීජිං අගනුවර ස්ථාන කිහිපයකටම දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ අතර බොහෝ ස්ථානවල පොලිස් ආරක්ෂක රථ සහ විශේෂ ප්‍රභූ ආරක්ෂිත රථ, පෙර ගමන් රථ දක්නට ලැබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();