ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 77ක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.
විශාල දුම් වළා ගුවනට යොමුවන අයුරු විදෙස් වාර්තාකරුවන් නිරීක්ෂණය කර ඇත.
ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඇතුලූ රජයේ ප්‍රධාන කාර්යාල, යුරෝපා සංගම් තානාපති කාර්යාලය සහ ඇෆ්ගන් පොලිස් මූලස්ථානයද මෙම පිපිරීම සිදුවූ ස්ථානය අවට පිහිටි බව සඳහන්.
ඇෆ්ගන් විදේශ කටයුතු අමාත්‍යාංශය පිපිරීමක් සිදුව ඇති බව සනාථ කර ඇතත්, වැඩිදුර තොරතුරු මෙතෙක් හෙළිදරව් කර නැහැ.
0 Comments