ගල්ගමුවේ දළපූට්ටුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් මෙම මස 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා නියෝග කෙළේය.
මෙහිදි විත්තිය වෙනුවෙන් නීතිඥවරුන් හයදෙනකු පෙනී සිටි අතර ඔවුන් කරුණු දක්වමින් සැකකරුවන් වෙනුවෙන් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අධිකරණය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.
එසේම පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙනුවට පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තවත් සැකකරුවන් කිහිපදෙනකු සම්බන්ධව තොරතුරු ලැබී ඇති බවත් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට ඇති බැවින් ඇප ලබාදීමට විරෝධය ප්‍රකාශ කරන බවයි.
එමෙන්ම විත්තියේ නීතිඥයින් කියා සිටියේ මෙම සිද්ධිය රට හමුවේ ප්‍රසිද්ධ කරමින් මාධ්‍යවේදීන් විසින් මිනිසුන් කම්පාකරවන බවයි. එයට විරෝධය දැක්වූ පැමිණිල්ලේ නීතිඥවරයා කියා සිටියේ ඔවුන් නොසිටින්නට මෙය මේ තරම් දුර නොපැමිණ සිද්ධිය යටගැසීමට පවා ඉඩ තිබූ බවයි.
වැඩිදුර කරුණු විමසීම මේ මස 26 වනදාට නියමිතය.
ගල්ගමුව සමූහ - එම්. එම්. සුදත්
0 Comments