
2019 A/L කඩඉම් ලකුනු ගැටලුව සම්බන්ධයෙන් ස්ථිර විසදමක් ඉල්ලා එම සිසුන් සහ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය එක්ව ආරම්භකර ඇති සත්‍යග්‍රහය තෙවෙනි දිනටත් අගමැති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙමින් තිබේ. ඒ මේ වන තෙක් ආණ්ඩුව විසින් ඒ සදහා ස්ථිර විසදුමක් ලබා නොදීම හේතුවෙනි.
ඊයේ (09) දිනයේද පොලීසිය විසින් විටින් විට භාධා කිරීම් දක්නට ලැබුණු අතර එහිදී උණුසුම් වචන හුවමාරු වීම්ද කිහිප වතාවක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් සත්‍යග්‍රහයේ නිරත පිරිස පවසන්නේ මේ සදහා ස්ථිර විසදුමක් ලබා දෙන තෙක් සත්‍යග්‍රහය අත් නොහරින බවයි.
මෙම ගැටලුව මුලුකර ගෙන මාස කිහිපයක් පුරාවටම රටපුරා උද්ඝෝෂණ මෙන්ම බලධාරීන් සමගද කහිපවතාවක් සාකචඡා පවත්වා ඇති අතර මේ වන තෙක් මෙම ගැටලුව සදහා විසදුම් ලබා දීමට රජය කටයුතු කර නැත.
…ගමගේ…
The post 2019 A/L කඩඉම් ලකුණු ගැටලුවට විසඳුම් ඉල්ලා සත්‍යග්‍රහය තෙවෙනි දිනටත් අගමැති කාර්යාලය ඉදිරිපිට. appeared first on Lanka News Column.

0 Comments