ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන් වූ කරුංකා කන්ටේනර් 23 ක් අදාළ තීරු බදු නොගෙවා නීති විරෝධී ආකාරයෙන් ඉන්දියාවට ප්‍රතිඅපනයන කිරීමට සූදානම් කිරිමේ දී හසු වී ඇත
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 39 ක් වයසැති අවිස්සාවේල්ල ප්‍රදේශයේ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත
මෙම කරුංකා තොගය රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුක්ත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
අත්අඩංගුවටගත් සැකකරු අද (10) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

0 Comments