Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කලාප 03ක සිට රටවල් තුනක් අඟහරු තරණය කරයි

 
පෘථිවියේ කලාප 03ක සිට රටවල් තුනක් අඟහරු ග්‍රහයා වෙත අභ්‍යාවකාශ යානා තුනක් යවා ඇති අතර මේ වන විට එම අභ්‍යාවකාශ යානා තුනෙන් දෙකක් අඟහරුගේ කක්ෂය තුළට ඇතුළු වී ඇතැයි නාසා ආයතනය සඳහන් කරයි.
 
ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය යැවු අභ්‍යාවකාශ යානා දෙකයි.
 
මෙම මස අවසන් දිනවලදී අමෙරිකානු අභ්‍යාවකාශ යානය අඟහරු වෙත ළඟාවීමට නියමිතය.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පසුගිය වසරේ ජූලි මාසයේ ජපානයේ සිට දියත් කෙරුණු ‘හෝප් ‘ අභ්‍යාවකාශ යානය පසුගිය අඟහරුවාදා අඟහරුගේ කක්ෂය වෙතට ඇතුල් විය.
 
නමුත්, හෝප් යානය අඟහරු වෙත ගොඩබැසීමක් සිදුනොකරන අතර, ඒ වටා එක් අඟහරු වර්ෂයක් නැතිනම් දින 687 ක් පරිභ්‍රමණයවීමට නියමිතය. මෙම පරිභ්‍රමණයේදී, සැප්තැම්බර් මස වන විට අඟහරුගේ වායු ගෝලය ගවේෂණය කරන යානය රැස්කරන දත්ත පෘථිවියට යොමු කෙරෙනු ඇත.
 
ලොව අඟහරු ගවේෂණය කළ පස්වැනි රට වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.
 
ඔවුන් සිය අඟහරු මෙහෙයුම සමරනු ලැබුවේ, රටම ඉතා රතු පැහැයෙන් ආලෝක ගන්වමිනි.
 
2020 වසරේ ජුලි 23 වැනිදා චීනය විසින් අඟහරු ගවේෂණය සඳහා දියත් කළ ටියෙන්වෙන් – 1 යානය ද පසුගිය බදාදා අඟහරුගේ කක්ෂයට ඇතුළු විය.
 
කෙසේ නමුත් මෙම යානය අඟහරුට ගොඩබස්සවනු ලබන්නේ, මාස 3 ක් අඟහරු අධ්‍යයනය කිරීමකින් පසුව මැයි මාසයේදීය.
 
චීනය විසින් අඟහරුවෙත යවනු ලැබු ටියෙන්වෙන් – 1 යානය විසින් අඟහරුගේ කක්ක්ෂයට පිවිසිමේ විඩියෝ දර්ශන ද චීන අභ්‍යාවකාශ ඒජන්සිය පසුගියදා නිකුත් කළේය.
 
නමුත් චීනය මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය වන්නේ 250Kg ක ආසන්න බරකින් යුත් රෝවරය පැයට කිලෝමිටර් 20,000 කට ආසන්න වේගයකින් අඟහරු වෙත ගොඩබැස්වීමයි. එය අඟහරුගේ යූටෝපියා තැනිතලාවට මැයි මාසය වන විටදි ගොඩබෑමට නියමිතය.
 
එම රෝවරය විසින් අඟහරුගේ භූමියේ ස්වභාවය, පාෂාණ නිරීක්ෂණය හා ජලය තිබේද යන්න නිරීක්ෂණය කරන අතර රෝවරය දින 90ක කාලයක් අඟහරු මත සිට තොරතුරු ලබාගැනිමට සූදානම්ය.
 
එමෙන්ම අමෙරිකාවේ නාසා ආයතනය විසින් අඟහරු ගවේෂණය සඳහා පසුගිය වසරේ ජුලි 30 දියත් කළ පර්සිවියරන්ස් යානය ලබන 18 වැනිදා අඟහරු අඟහරු වෙත ගොඩබැස්වනු ලබයි.
 
මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ අඟහරු මත ජීවය තිබේදැයි සාක්ෂි සොයා බැලීමයි. අඟහරුගේ ජෙස්රෝ අවාටය මත ගොඩබස්වන මෙය අමෙරිකාව විසින් ග්‍රහලෝකයක් මත ගොඩබාන විශාලතම අධි තාක්ෂණික යානය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
 
කුඩා ප්‍රමාණයේ SUV රථයකට සමාන අමෙරිකානු රෝවරයේ බර මෙට්‍රික් ටොන් 1කි. කැමරා 23 ක් සහ ශබ්ද පටිගත කළ හැකි මයික්‍රෝෆෝන දෙකකින් සමත්විත මෙම රෝවරය අඟහරු මත පළමුවරට ශබ්ද පටිගත කිරීම ද සිදුකරනු ලබයි.
 
මේ අතර මෙම මෙහෙයුමේදී ප්‍රථම වතාවට පෘථිවියෙන් පිට වෙනත් ග්‍රහලොවකදී 1.8kgක බරකින් යුත් ඩ්‍රෝන යානයක් පියාසර කරවීමට අමෙරිකාව උත්සහ කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();