බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා කටුගස්තොට පොලිසිය මගින් පෙරේදා (05දා) රාත‍්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන සැකකරු පැදවූ මෝටර් රථය කටුගස්තොට කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ යටිවාවල ප‍්‍රදේශයේදී යතුරුපැදියක ගැටී තිබෙන අතර යතුරුපැදිකරු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බීමතින් රිය පදවා අනතුරක් සිදුකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන බවත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. සැකකාර පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
සමන්තී වීරසේකර
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/33NnTCw
tribune

0 Comments