Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලීසිය නින්දෙන් ඇහැරෙයි – රෑට රෑට බයික් රේස් පදින කොල්ලන්ට වැඩ වරදියි!

රාත‍්‍රි කාලයේ මුදල් ඔට්ටුවට අධික වේගයෙන් යතුරුපැදි පදිමින් තරගයේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ ට ඊයේ (06 වැනිදා) පැවසීය.

රාත‍්‍රි කාලයේ යතුරුපැදි රේස් සඳහා සහභාගිවූ තරුණයන් විශාල පිරිසක් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද කීය.

”විවිධ තරුණයින් මුදල් ඔට්ටුවට රාත‍්‍රි කාලයේ බයිසිකල් රේස්වලට සහභාගි වෙනවා කියලා දැන ගන්නට තිබෙනවා. හුදෙක් විනෝදය වගේ නොවෙයි මේ අධික වේගය නිසා සිදුවන අනතුරු. මේ නිසා රාත‍්‍රි කාලයේ විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරනවා. මෙවැනි නීති විරෝධී තරගවලට සහභාගි වන අයට විතරක් නොවෙයි ඒවා සංවිධානය කරන අයටත් නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරනවා.’’



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3ox1stA
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();