Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට විදෙස් සංචාරකයන් ගෙන්වීමට බිය විය යුතු නෑ

විදේශ සංචාරකයන් මෙරටට ගෙන්වීමේදි පාලනයකට නතු කරගත් ප්‍රශස්ත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව සියලු ගෙන්වීම් සිදු කරන බැවින් අනියත බියක් හෝ සැකයක් ඇති නොකරගන්නා මෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීමෙන් පසු දළදා වහන්සේ වැඳපුඳාගෙන ආශිර්වාද ගැනීමට ඊයේ (29දා) මහනුවර⁣ට පැමිණි අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා මෙම ඉල්ලීම කළේය.

මෙරටට ගෙන්වන කිසිදු සංචාරකයකුට ⁣සාමාන්‍ය ජනතාව සමඟ ගැටෙමින් නිදැල්ලේ සියලු සංචාරක ස්ථාන වෙත යෑමට ඉඩකඩ සලසා නොමැති බවත් අනිවාර්යය නිරෝධායන ක්‍රියාවලියකට ලක්කිරීමෙන් පසුව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ දෙකකින් අනතුරුව පිටතට නිරාවරණය වීමට අවසර දී ඇති බවත් හෙතෙම කීය.

පිටතට නිරාවරණය වීමෙන් පසුවද සංචාරකයින් සම්බන්ධයෙන් නිරන්තර නිරීක්ෂණයකින් යුතුව කටයුතු කරන බවත් ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඔවුන් සංචාරක ස්ථාන වෙත ගෙන යෑමට වැඩපිළිවෙලක් සකසා ඇති බවත් ඔහු කීවේය.

රුවන්ත නිතුල්ගස්පිටිය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();