කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. කථානායක නිල නිවෙසේ කාර්යමණ්ඩල 10 දෙනකු සහ ප්‍රභූ ආරක්ෂකයන් 18 දෙනකු ද මෙලෙස නිරෝධායනයට ලක් කර ඇතැයි වාර්තා වේ. කතානායකවරයාගේ ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිය නිල නිවසේ හුදෙකලා ව සිටින ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබෙන අතර සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන තමන් මේ දිනවල හුදෙකලා ව කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ආසාදිත ආරක්ෂකයන් දෙදෙනා තමන් සහභාගි වූ රැස්වීම් කිහිපයකට පැමිණ ඇතැයි ද ඒ මහතා සදහන් කරන අතර සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදෙන්නේ නම් පීසීආර් පරීක්ෂණයකට යොමු වීමට සූදානමින් සිටින බවද සදහන් කරයි.
මහින්ද අලුත්ගෙදර

0 Comments