බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවකු වන අසිෆ් බස්රා සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බස්රාගේ සිරුර ධරම්සාලා හි මැක්ලියෝඩ්ගාන්ජ් නම් ප්‍රදේශයේ පිහිටි නිවසකින් හමුවී තිබෙන අතර , ඔහු එම නිවස තුළ එල්ලී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.
මිය යන 53 හැවිරිදි වියේ පසුවූ බස්රා සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2010 දී බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය වන වන්ස් අපොන් අ ටයිම් ඉන් මුම්බායි මෙන්ම ජබ් වී මෙට් සහ කයි පො චේ ඇතුළු ජනප්‍රිය හින්දි චිත්‍රපට කිහිපයකම බාස්රා රඟපෑවේය. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත නිර්මාණ කිහිපයකම ඔහු පෙනී සිට ඇත.

0 Comments