Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාරා ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල් වරයෙක්

ජාතික ජලජ සම්පත්   පර්යේෂණ සහ සංවර්ධන  නියෝජිතායතනයේ (නාරාආයතනයේ) නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්  ආචාර්ය එච්.එම්.පාලිත කිත්සිරි මහතා පත්ව සිටී.
 
ඒ මහතා තම පත්වීම් ලිපිය ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා අතින් ලබා ගන්නා ලදි.නාරා ආයතනයේ වසර 31කට අධික  කාලයක්  විද්‍යාඥයකු වශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්     පර්යේෂණ සහ සංවර්ධන වශයෙන්   ආචාර්ය  එච්.එම්. පාලිත කිත්සිරි මහතා සේවය කර ඇත. 
 
ආචාර්ය කිත්සිරි මහතා හලාවත ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන අතර,කැළණි විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබදව විශේෂවේ දී උපාධිය ද, සමුද්‍ර ධීවර කළමණාකරණය පිළිබදව දර්ශණපති උපාධිය ද, ධීවර විද්‍යාව සහ ජලජීවී වගාව පිළිබදව ආචාර්ය උපාධිය ද( ප්‍රථමපංතියේඅධිසම්මානසහිතව) ලබාඇත.
 
(බුද්ධිකා ඉඹුලාන)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();