කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 460ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මේ වනවිට දිනපතා ආසාදිත පොලිස් නිලධාරීන් වාර්තා වන්නේ නිරෝධායනයට යොමුකර සිටින 3000කට ආසන්න පොලිස් නිලධාරීන් අතරින් බව ඒ මහතා සඳහන් කළේය. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද මෙම සංඛ්‍යාවට ඇතුළත් වේ.
ඒ අතරින් යම් පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙන බවද සඳහන්ය.

0 Comments