මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් සදහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

කොවිඩ්-19 රෝගය වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව තුල ඊට අදාල එන්නත භාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් සියයට 20 කට මෙම එන්නත ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මෙහිදී අවධාරණය කර සිටියා.

ඒ අනුව ඒ සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරිම, එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරිම, ඊට අදාල භෞතික සම්පත් කළමණාකරණය, තොරතුරු ලබාගැනීම, කරුණු ගොනු කිරිම වැනි කාරණා සම්බන්ධයෙන් සොයාබැලීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පියවර ගනු ලැබූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.



from රට තොට – Colombo Tribune https://ift.tt/2Ikdl6o
tribune