යුක්රේන සහ ශ්‍රීලන්කන් ගුවන් සේවා කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක්කරන කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිත තරු පන්තියේ හෝටල්වල නීතිවිරෝධී ආකාරයෙන් සාද පවත්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.
ඒ පිළිබඳ තම සංගමය සතුව සාක්ෂි පවතින බවද ඔහු පවසනවා.
මෙම හෝටල්වලදී නිරෝධායනයට ලක්කරන ලද යුක්රේන ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයන් මගින් මෙරට කොවිඩ් රැල්ල නිර්මාණය වී ඇති බවට මේ වන විට සැක පළවී තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ මෙම සාද පැවැත්වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස විමර්ශන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. දේශීය සහ විදේශීය ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනය වෙනුවෙන් මෙම හෝටල්වලට මාර්ගෝපදේශ නිකුත් කර තිබුණද තම සංගමයේ සාමාජිකයන්ටද රහසින් මෙම සාද පවත්වා ඇති බව සභාපතිවරයා කියා සිටියා.
from රට තොට – Colombo Tribune https://ift.tt/32ucua2
tribune

0 Comments