Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ නාට්ටාමිලා 400කගෙන් 80කට කොරෝනා!

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග පසුගිය ඔක්තෝබර් 8 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා කොළඹ නගර සභා බල සීමාවේ පීසීආර් පරීක්‍ෂණ දසදහසක් සිදුකර ඇති බවත්, ඉන් කොරෝනා ආසාදිතයන් දෙදහස් එකසිය විසි දෙදෙනකු (2122) හඳුනාගෙන ඇති බවත් කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කරනවා.

මෙම පිරිස උතුරු කොළඹට අයත් ග‍්‍රෑන්ඞ්පාස්, මහවත්ත, මෝදර, මට්ටක්කුලිය, මාළිගාවත්ත යන ප‍්‍රදේශවල පදිංචි පළමු පෙළ ආශි‍්‍රතයන් බවද හෙතෙම සඳහන් කළා.

දැනට මෙම සිදුකර ඇති පීසීආර් පරීක්‍ෂණ දසදහසේ මුළු වියදම රුපියල් ලක්‍ෂ අසූවක් බවද ඒ මහතා කියා සිටියා.

මේ අතර පසුගිය 7 වන දා කොළඹ නගරයේ නාට්ටාමිලා 400 දෙනකුගේ පීසීආර් පරීක්‍ෂණ සිදුකළ බවත්, ඒ අතුරින් 80 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නා.



from රට තොට – Colombo Tribune https://ift.tt/3p9SHGZ
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();