Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිරිපිටි ආනයනයට වසරකට බිලියන 56ක්!

රුපියල් බිලියන 56ක් වාර්ෂිකව කිරිපිටි ආනයනයට වැය කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. වාර්ෂිකව දියර කිරි පරිභෝජනය සියයට නවයකින් ඉහළ යන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දස වසරේදී දියර කිරි නිෂ්පාදනය වාර්ෂිකව සියයට 04ත් 05 ත් අතර ප‍්‍රමාණයකින් වර්ධනය වූ බවත් වාර්ෂික පරිභෝජනය සඳහා දේශීය නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවන බවත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි ආචාර්ය හේමමාලී කොතලාවල මහත්මිය ‘දිවයින’ කළ විමසීමකදී පැවැසුවාය. දේශීය දියර කිරි නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමට රජයට සිදුව තිබෙන බව ඇය පැවැසුවාය. වසරක් සඳහා දියර කිරි ලීටර් මිලියන 1200ක ඉල්ලූමක් පවතියි. ඒක පුද්ගල වාර්ෂික දියර කිරි පරිභෝජනය ලීටර් 58ත් 60ක් අතර වන බවත් නැවුම් දියර කිරි පරිභෝජනය ඉතාම අඩු මට්ටමක පවතින බවත් සභාපතිනිය පැවසුවාය. 2018 වසරේදී දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 498ක් වූ අතර 2019 වසරේදී ලීටර් මිලියන 424ක් දක්වා පහත වැටුණු බව පැවසුවාය. 2025 වසරේදී ශී‍්‍ර ලංකාව දියර කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට සැලසුම් කර තිබේ. 2019 වසරේදී කිරි පිටි මෙටි‍්‍රක් ටොන් 99000ක් ආනයනය කර තිබෙන බවත් රුපියල් බිලියන 56ක් වැය කර තිබෙන බවත් ආචාර්ය හේමමාලී කොතලාවල මහත්මිය පැවසුවාය. දියර කිරි කර්මාන්තයේ පවුල් ලක්‍ෂ දෙක හමාරක් නියැළී සිටිති. මෙරට මුළු ගව ගහනය ලක්‍ෂ 15ක් පමණ වන අතර කිරි ලබා ගන්නා ගව ගහනය ලක්‍ෂ 07කි. දියර කිරි නිෂ්පාදනය ප‍්‍රර්ධනය සඳහා වාණිජ ගොවිපළ ආරම්භ කිරීම කුඩා සහ සුළු ගොවිපළවල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම නැවුම් කිරි පරිභෝජනය ඉහළ නැංවීම සහ බෙදා හැරීම සඳහා වැඩ පිළිවෙළක අවශ්‍යතාව ද සංගමය පෙන්වා දෙයි.

මෙරට දේශීය දියර කිරි නිෂ්පාදනයට දායක වන ගොවිපළවලින් සියයට 95ක් සුළු පරිමාණ ගොවිපළ බව පැවසූ සභාපතිනිය සුළු කිරි ගොවීන් සඳහා නව තාක්‍ෂණය ලබාදිය යුතු බවත් ආහාර සැපයුම ක‍්‍රමවත් කළයුතු බවත් අවධාරණය කළාය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක



from රට තොට – Colombo Tribune https://ift.tt/3eGxcIW
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();