Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Kandy Tuskers කණ්ඩායමේ හිමිකාරීත්වය සල්මන් ඛාන් පවුලට

ලංකා ප්‍රීමියර් ලීගයට (LPL) තරග වදින 'Kandy Tuskers' කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුලේ ව්‍යාපාරය වන ඔහුගේ බාල්ව් සොහොයුරා ප්‍රධානීත්වය දරන 'Sohail Khan International LLP' සමාගම විසින් බව ඉන්දීය මාධ්‍ය හෙළි කොට ඇත.
ඒ අනුව සල්මන් ඛාන්, ඔහුගේ පියා වන Salim Khan, සහ ඔහුගේ සොහොයුරන් වන Sohail Khan, Arbaaz Khan යන අය Kandy Tuskers කණ්ඩායමේ හිමිකරුවන් බවට පත්වී ඇත.
කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලාංකික සුපිරි ක්‍රිකට් තරු රැසක් සහ Chris Gayle Liam Plunkett, Wahab Riaz, Naveen Ul Haq වැනි විදෙස් සුපිරි ක්‍රීඩකයන්ගන් සමන්විතව හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් පිතිකරු හෂාන් තිලකරත්න මහතාගේ පුහුණුකාරිත්වයෙන් යුතු Kandy Tuskers කණ්ඩායම මෙවර LPL තරගාවලියේ ප්‍රබලම කණ්ඩායමක් වනු ඇති බව සල්මන් ඛාන් පවුලේ විශ්වාසයයි.
මීට අමතරව Kandy Tuskers කණ්ඩායමේ සියලු තරග නැරඹීමට සල්මන් ඛාන් සහභාගී නියමිත බවටද වාර්තා වේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();