Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායනයට ප්‍රතික්ෂේප කළ 18ක් කුණු ඇලකට පැන පලා යයි!

ඉකුත් (19) සඳුදා අහඹු ලෙස කළ 109 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණවලදී 49 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වි තිබුණා .

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය නිරත පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ඇතුළුව 1200 දෙනකු පමණ එදින රාත්‍රී 10.00ට ආසන්න වන තෙක් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර තිබේ.

එහිදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩි පිරිසක් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි අපවිත්‍ර ජලය පිරි ඇළ මාර්ගයට පැන එගොඩටට පීනා පලා ගොස් තිබෙනවා.

ඒ අනුව, පලා ගිය පිරිස සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තමන් කළ වරද පිළිබඳ අවබෝධ කරගත් කීපදෙනෙක් බලධාරීන් වෙත දුරකථන ඇමතුම් ලබාදී යළිත් PCR පරීක්ෂණයට යොමු කරන ලෙස ඉල්ලා සිට ඇති බවද සඳහන්.

මේ පිරිස අතර මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ද සිටින බැවින් ඔවුන්ට මත්කුඩු නොමැතිව සිටිය නොහැකි බැවින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කරන බව එම නිලධාරීන් සඳහන් කර සිටියේ.



from රට තොට – Colombo Tribune https://ift.tt/3kweg1u
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();