අසර්බයිජාන හෙළිකොප්ටරයක් බිම හෙළයි
ආර්මේනියාව සහ අසර්බයිජානය අතර පිහිටා ඇති නගර්නෝ - කරබක් කලාපයේ දේශසීමා ආශ්‍රිත ගැටුමක් ඇති වී තිබෙන අතර මෙයින් අසර්බයිජාන හෙළිකොප්ටරයක් බිම හෙළා ඇතැයි ද වාර්තා වේ. අසර්බයිජානය ගුවනින් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇතැයි ආර්මේනියාව චෝදනා කරයි. අනතුරුව ප්‍රදේශයේ යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. අසර්බයිජානය ප්‍රකාශ කරන්නේ තමන් ප්‍රහාර එල්ල කළේ පෙරමුණට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බවයි. දෙපැත්තෙන්ම සිවිල් ජීවිත හානි සිදු වී ඇතැයි විදෙස් වාර්තා පවසයි. මේ රටවල් දෙක අතර දීර්ඝ කාලයක් පැවැති ගැටුම් මෑත කාලයේ නැවත ඇවිලෙන බවක් පෙනේ යැයි විදෙස් වාර්තා වැඩි දුරටත් කියයි.
0 Comments