Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 කාගෙද? කාටද? ටිල්වින් කියයි.

විසිවැනි සංශෝධනය ගෙන ඒමට ප්‍රධානතම හේතුව බල තණ්හාව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (24 ) පැවැති විස්ස කාගෙද, කාටද?’ සම්මන්ත්‍රණයේදී පැවසීය. ඔහු වැඩි දුරටත් මෙසේ සදහන් කළේය.

‘‘20 ඇතුළේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය තියෙනවා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මැතිවරණ කාලයේ කියපු දේවල් කරන්න වෙන්නේ නැහැ. ඒ සුරංගනා කතා මොනවත් කරන්න වෙන්නේ නැහැ. එම්.සී.සී. ගිවිසුමට අත්සන් කරන්න වෙනවා. රටේ සම්පත් ටික විකුණන්න වෙනවා. ඒ වගේම දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්න දඟලපු අය තම ආත්මය බේරගන්න එහි වැරදි අඩුපාඩු කියනවා. හැබැයි ඒ අය ඒ අඩුපාඩු කියන්නේ මාධ්‍ය ඉස්සරහා විතරයි. හැබැයි 20 ට අත උස්සලා තමයි ඇවිත් ඉන්නේ.’’

The post 20 කාගෙද? කාටද? ටිල්වින් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();