
29 හැවිරිදි කලු ජාතිකයෙකුට සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මේ වන විට යළිත් වරක් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. ජෙකොබ් බ්ලේක් නම් 29 හැවිරිදි මෙම කලු ජාතිකයාට Wisonsin ප්‍රාන්තයේ පිහිටි Kenosha පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර 07ක් එල්ල කොට තිබින්නේ ඔහුගේ දරුවන් තිදෙනා ඉදිරියේදීයි.
පොලිසිය විසින් මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කරන විට ජෙකොබ් බ්ලේක් ගේ වයස අවුරුදු 8,5 සහ 03 වන වියේ පසුවන දරුවන් තිදෙනා වාහනයේ සිට සියල්ල දැක තිබෙන බවට හෙළිව තිබේ. වෙඩි ප්‍රහාරයෙන් පසුව බ්ලේක් මේ වන විට රෝහල් ගත කොට ඇති අතර ඔහුගේ ඉනෙන් පහළ කොටස අප්‍රාණික තත්ත්වයට ලක්ව ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර ඇත.
The post අමෙරිකාව යළි නොසන්සුන්. appeared first on Lanka News Column.

0 Comments