කහ ආනයනය කිරීම නතර කිරීමෙන් පසු දැනට වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති කහ කුඩු පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වී ඇති බැවින් කහ කුඩුවල පිළිකා කාරක ඇද්දැයි සෙවීමට වහාම පරීක්ෂණ අරඹන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය විසින් රට පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කහ කුඩු සාම්පල ලබාගෙන කළ පරීක්ෂණයකදී ඒවා පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වී තිබේ.
මෙම පරීක්ෂණයේදී කහ කුඩුවලට හාල් පිටි, පාන් පිටි, කහ පරිප්පු පිටි සහ කඩල පරිප්පු පිටි මෙන්ම විවිධ වර්ණක යොදා ඇති බව අනාවරණය වූ බව පවසන එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ කහ කුඩුවල පැහැය ලබාගැනීමට එක් කරන වර්ණකයන්හි හෝ ඊට එක් කරන රසායනික ද්‍රව්‍යවල මිනිස් සිරුරට අහිතකර සංඝටක හෝ පිළිකා කාරක අඩංගු වී ඇද්දැයි සොයා බැලීමට අවධානය යොමු කර ඇති බවය.
පරිභෝජනයට නුසුදුසු මෙම කහ කුඩු අලෙවි කළ ව්‍යාපාරිකයන්ට එරෙහිව අදාළ මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පැවැරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.
*අනුරාධා හේරත්
from රට තොට – Colombo Tribune https://ift.tt/2EB0sCZ
tribune

0 Comments