Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීතීඥවරියට දිගටම තර්ජන.

වර්ගවාදී යුද්ධයේ  අවසන්  සමයේ  තරුනයන්  එකලොස් දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මිලිටරියේ ඉහලම නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති අපරාධ නඩුව ඇතුලු  එවන්  නඩු  කිහිපයක වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටින  නීතීඥ  අචලා සෙනෙවිරත්නට එල්ල කෙරෙන ජීවිත තර්ජන හා සෝදිසි කිරීම් අඛන්ඩව  තීව්‍ර  කරමින් ඇති බව වාර්තා වේ. මෙම බියගැන්වීම්වල මූලික අරමුන මිලිටරියට එරෙහි අපරාධ නඩුවල වින්දිතයන්, සාක්ෂිකරුවන් හා නීතීඥයන් නිහඬ කොට එම අපරාධ යටගසා  දැමීම බව මාධ්‍ය වාර්තා කරයි.

කප්පම් ගැනීම සඳහා දෙමල ජාතික තරුනයන් එකොලහක් කොලඹ දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගෙඩ, රියර් අදමිරාල් ඩී.කේ.පී. දසනායක, ලුතිනන් කොමදෝරු සම්පත් නිලන්ත මුනසිංහ හා ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් ඇතුලු 13 දෙනෙකුට එරෙහිව කොලඹ ත්‍රි පුද්ගල ස්ථිර මහාධිකරනයේ නඩුවක් විභාග වෙමින් පවතී. නඩුවේ විත්තිකරුවන්ට අධිචෝදනා ගොනුකර ඇති මුත් කරන්නාගොඩ සිතාසි භාර නොගෙන අධිකරනය මඟහරිමින් සිටියේ ය. පසුගිය සමයේ  මෙම අපරාධ සම්බන්ධ පරීක්ෂන කල් මැරුනු අතර, අවසානයේදී නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කලේ දස වසරකට පසු බවද වාර්තා වේ.

The post නීතීඥවරියට දිගටම තර්ජන. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();