යහපාලන ආණ්ඩු සමයේදී සතොසට ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමේ වැඩසටහනක් යටතේ මෙරටට රුපියල් බිලියන 4.7ක පාඩුවක් සිදුකර ඇති බවත් ඊට වගකිවයුතු යහපාලන රජයේ අදාළ විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් “පිවිතුරු හෙළ උරුමයේ” ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා පවසයි.
යහපාලන ආණ්ඩු සමයේදී ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට කිසිදු අනුමැතියකින් තොරව ආයතන 6 කටත් තවත් පුද්ගලයකුටත් ලබාදී ඇතැයි ද ඉන් එක් ආයතනයක් වන රෝ ගේට් (Raw Gate) නම් සමාගම මිලියන 118 ක පාඩුවක් ලංකා සතොසට සිදුකර ඇති බවද එම ආයතනයට ලබාදී ඇති බැංකු ඇපකරය ව්‍යාජ එකක් බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
තවදුරටත් කරුණු හෙළිදරව් කරමින් නීතිඥ තුෂාර දිසානායක මහතා මෙසේද කීය.
“මෙම අයථා ගනුදෙනු සම්බන්ධයෙන් අප මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලයි තිබෙන්නෙ. මේ අයථා ගනුදෙනු සිදුවන විට විෂය භාර ඇමැති ලෙස කටයුතු කළේ රිෂාඩ් බදියුදීන්. මේවාට අදාළ ඇතැම් ලිපිගොනු ඔහු සඟවා තිබෙනවා.
බිලියන 4.7ක් වංචා කරපු මේ වංචනිකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම අපට පිළිගන්නට බැහැ. දැන් නිලධාරීන්ට නඩු පැවරුවා ඇති.
මේවාට වගකිවයුතු රිෂාඩ් බදියුදීන්ව වහාම අධිකරණයට කැඳවන්න.”
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
from රට තොට – Colombo Tribune https://ift.tt/3hy1tdm
tribune

0 Comments