Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාකොටික් 13 දෙනා යළි රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගත් මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එහි නිලධාරීන් 13 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
ඔවුන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියම කළාය.
 
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.
 
ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවටත් අධිකරණයට වාර්තා කර තිබුණි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();