කැළණිය පොලිස් වසමේ තල්වත්ත,ගෝනවල ප්‍රදේශයේ කුලී කාමරයක පදිංචිව සිටි මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් එක් අයෙකු විසින් අනෙක් මිතුරාට තියුණු ආයුධයකින් පහර දී ඇත
ඊයේ (15) රාත්‍රි 8.30 ට පමණ සිදු වූ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කීරීමෙන් පසු මියගොස් ඇත.
මෙසේ මිය ගිය පුද්ගලයා අවුරුදු 18 වයසැති ගල්ලූල්ල වත්ත,මඩොල්සිම පදිංචිකරුවෙකි
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැළණිය පොලිස් ස්ථානය මගින් සිදු කරයි

0 Comments