Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව තවත් අන්තවාදී ආගමික සංවිධානයක් ලංකාවට – තුර්කිය අනතුරු අඟවයි!

තුර්කියේ ආරම්භ වූ ත්‍රස්ත සංවිධානයක් වන “ෆෙටෝ සංවිධානය” ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 160ක ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙරට තුර්කි තානාපතිනි ආර්.දෙමන් ශෙකිර්ජියෝලු මහත්මිය පවසයි.

පාසල්, ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය ආයතන හරහා ෆෙටෝ සංවිධානය තම ජාලය පිහිටුවා ඇති බව ඇය පෙන්වා දෙන්නීය.

තුර්කියේ කුමන්ත්‍රණ උත්සාහය ව්‍යාර්ථ කිරීමේ සිව්වන වසර සැමරුම වෙනුවෙන් ලිපියක් යොමු කරමින් තුර්කි තානාපතිවරිය මේ බව ප්‍රකාශ කර තිබේ.

ෆෙටෝ සංවිධානය 1970 දශකයේ පුණ්‍ය ආයතනයක් ලෙස තුර්කිය තුළ සිය මෙහෙයුම් ආරම්භ කළ අතර පසුව ලොව පුරා පාසල් ද පිහිටවූ බව ඇය පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ෆෙටෝ ව්‍යාපාරික ගණුදෙණු සහ රජයේ ටෙන්ඩර් ක්‍රියාවලින් සඳහා මැදිහත් වීම ආරම්භ කිරීමෙන් පසු මුදල් විශුද්ධිකරණය, නීති විරෝධී ලෙස මුදල් මාරු කිරීම සහ වෙනත් මූල්‍ය අපරාධ සිදුකිරීම සුපුරුදු පරිදි ව්‍යාපාරයක් බවට පත් වූ බව ද ඇය පෙන්වා දෙන්නීය.

අනතුරුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සඳහා මුදල් යෙදවීම, සමාගම් සහ ව්‍යාපාරිකයින්ගෙන් පරිත්‍යාග කිරීම් මගින් ලබාගත් අතර මහජන මතය හැඩගැස්වීම් සඳහා මාධ්‍ය ආයතන ද පිහිටවූ බව තුර්කි තානාපතිවරිය සඳහන් කළාය.

තුර්කිය තුළ මෙම සංවිධානය අකර්මණ්‍ය වී ඇති අතර එහෙත් වෙනත් රටවල සිය සංවිධාන පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව ද ඇය පෙන්වා දෙන්නීය.

ෆෙටෝහි ගෝලීය ආර්ථික හා දේශපාලන බලපෑම පුළුල් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බැවින් එය ක්‍රියාත්මක වන ඕනෑම රටකට මෙම සංවිධානය සෘජු ආරක්ෂක තර්ජනයක් වනු ඇති බව ද ඇය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විට මෙම ත්‍රස්තවාදී සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සියලු ශ්‍රී ලාංකික බලධාරීන්ට දැනුම් දී ඇති අතර දිවයිනේ ෆෙටෝ අනුබද්ධ ආයතන සහ පුද්ගලයින්ගේ සියලු තොරතුරු ද ලබා දී ඇති බව තුර්කි තානාපතිනි ආර්.දෙමන් ශෙකිර්ජියෝලු මහත්මිය සඳහන් කළාය.



from රට තොට – Colombo Tribune https://ift.tt/3j9WUaw
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();