සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අගමැතිතුමාගේ උපදෙස් මත හා මඟපෙන්වීම යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ “ඔබට ගෙයක් – රටට හෙටක්” වැඩසටහන යටතේ රුපියල් මිලියන 8413.2ක මුදල් යොදවා අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් දිවයින පුරා නිවාස 14,022ක් ඉදිකෙරේ.
මෙම නිවාස වැඩසටහන යටතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල්ගල තබා ආරම්භ කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරාවැව ග්‍රාමයේ ඉදිකළ නව නිවෙස අඩු ආදායම්ලාභී එම පවුල වෙත පිරිනැමීම පසුගිය 12 දින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම වැඩසටහන යටතේ ඉදිකරන එක් නිවෙසක් වෙනුවෙන් එක් ප්‍රතිලාභී පවුලකට නැවත අය නොකරන රුපියල් ලක්ෂ 06ක ආධාර මුදලක් නිවාස අධිකාරිය මඟින් ලබාදෙනු ලබයි.
ගිරිබාව – වරාවැව ග්‍රාමයේ කේ.කේ. අජිත් නිශ්ශංක මහතාගේ පවුල වෙනුවෙන් මෙම වැඩසටහනේ ප්‍රථම නිවෙස හිමිවීම සිදුවිය.
මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති අරුණ දහනායක, අධ්‍යක්ෂ සුදත් අබේවර්ධන මහත්වරු සමඟ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ කළමනාකරු ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
from රට තොට – Colombo Tribune https://ift.tt/2Owmit6
tribune

0 Comments