පුද්ගලයින් නිරෝධායනයට යොමුකර ඇති ප්‍රදේශවලට හා නිවාසවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි
සෞඛ්‍ය උපදෙස් අනුව එම තීරණය ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කරයි
කෙසේ වෙතත් ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් සහ අනෙකුත් උපදෙස් අනුව යමින් එම කටයුතු සක්‍රිය කිරීමට බලාපපොරොත්තු වන බව ද වැඩිදුරට ප්‍රකාශ කරයි
නිල ඡන්ද දැන්වීම පත්‍රිකා භාරගැනීමේදී අත්සන යෙදීම සඳහා පෞද්ගලික පෑනක් භාවිත කරන්නැයි ද තැපැල් දෙපාර්තමේන්තුව ඡනතාවට දැනුම් දෙයි.

0 Comments