Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු

පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනාට වරෙන්තු නිකුත් කෙරේ.
 
ඔවුන් අද (26) පැවති නඩු විභාගයට පෙනී නොසීටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය ලබා දී තිබේ.
 
මෙම පැමිණිල්ලේ තුන්වන හා 04 වන සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය අද (26) අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය කොල්ලකෑම් සිද්ධයක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගන්නට ලැබුනද ඒ බව නිල වශයෙන් දැනුම් දී නොමැති බවය.
 
සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයකුද පෙනී සිටියේ නැත. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේසත්‍රාත්වරයා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();