Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් තවත් ප්‍රජා සත්කාරයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ උපදෙස් පරිදි ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදා සාමජිකයන්ගේ පවුල් වල සිටින ආබාධිත දුවා දරුවන් සදහා රෝද පුටු පරිත්‍යාග කිරීමක් ගුවන් හමුදා මූලස්ථානයේදී පසුගියදා (24) පැවැත්වුනි. 
 
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ.
 
ඔස්ට්‍රේලියාවේ  මෙල්බන්  හි  ස්ථාපිත  සේවා  මුක්ත  රාජකීය  ශ්‍රී  ලංකා  ගුවන් හමුදා සංගමය විසින් රෝද පුටු 15ක ප්‍රමාණයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කිරිමද මෙම අවස්ථාවේ දී සිදු විය.
 
මෙම  අවස්ථාව  සදහා  සේවා  මුක්ත  රාජකීය  ශ්‍රී  ලංකා  ගුවන් හමුදා  සංගමයේ  නියොජිතයින්  ලෙස  විශ්‍රාමික  ගෘෘප්  කැප්ටන්  කුමාර කිරින්දෙ  සහ  විශ්‍රාමික  විංග්  කමාන්ඩර්  නලින්  ජයතිලක  යන  මහත්වරුන් මෙන්ම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ද  සහභාගී වූහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();