Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බාධක මැද ඉදිරියට ඇදෙන පෙරටුගාමී උද්ඝෝෂණ.

මැද පෙරදිග රැකියාවල නියතු අයගේ ජීවිත රැක ගැනීම , ලීසිං ණය වාරික කපාහැරීම, උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම, පවතින කෘෂිකර්ම ප්‍රතිපත්තිය එරෙහිවීම ඇතුලු සටන් පාඨ කිහිපයක් මුල් කරගෙන  පෙරටුගාමී  සමාජවාදී පාක්ෂිකයන් සහ තවත් සංවිධාන කිහිපයක එකතුවෙන් ඊයේ (25) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.

පවතින මර්ධනකාරී පිළිවෙතට බියේ ජනතාව වෙනුවෙන් ගෙන යන සටන අත් නොහරින බවත් සමාජ  ක්‍රියාකාරීන් දූෂණ වංචා හෙළිකරණ පුද්ගලයින් මරා දමමින් සිටින බවත් පෙ. ස. ප. ප්‍රචාරක ලේකම් දමින්ද නාගමුව එහිදී සදහන් කළේය. 

මීට පෙර පෙරටුගාමී  සමාජවාදී පාක්ෂිකයන් සංවිධානය කළ උද්ඝෝෂණයට පොලිස් පහර දීමක්ද සිදු වූ අතර ඊයේ දිනයේද පොලිස් බස් රථ, ශබ්ධ වාහිනී සවිකළ රථ මෙන්ම පොලිස් කණ්ඩායම් ද අවට රදවා සිටිනු දක්නට ලැබිණ.

 

The post බාධක මැද ඉදිරියට ඇදෙන පෙරටුගාමී උද්ඝෝෂණ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();