Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරු ඉන්දියාවේ අකුණු සැර වැදී 100 කට වැඩි පිරිසක් මරුට

උතුරු ඉන්දියාවේ එක් දිනක් තුළ ප්‍රාන්ත දෙකක සිදු වූ අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි.
 
ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල මෙම අනතුරු සිදුව ඇත. 
 
බිහාර් ප්‍රාන්තයේ ආපදා කළමනාකරණ කණ්ඩායම පැවසුවේ එහිදී 83දෙනෙකු මියගොස් ඇති අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. අසල්වැසි උත්තර් ප්‍රදේශ්හි අවම වශයෙන් තවත් 20 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
 
තම ප්‍රාන්තය තුළ මියගොස් ඇති අයගේ සෑම පවුලකට ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් බෙදාදීමට ප්‍රාන්ත රජය තීරණය කළ බව බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් පවසා ඇත.
 
අධික මෝසම් වැසි සමයේදී ඉන්දියාවේ අකුණු සැර වැදීම බහුලව සිදු වන බව සදහන්වේ. මේ අතර වර්ෂාව සහ ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ගස් හා දේපළවලට විශාල හානියක් සිදුව තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();