මෙරට තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ ඉතා ඉහල අවදානමක් ඇති බව පෙනෙන්නට ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. අද වනවිට මෙරට ජනතාව කොරෝනා වසංගතය අමතක කරමින් කටයුතු කරන බවක් පෙනී යන නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ග උපදේශන සීමාවන් අනුව ජනතාව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවත් ඒවා ඉවත් කරන දිනයක් පැවසිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
The post කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක්. appeared first on Lanka News Column.
0 Comments