covid 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්රමය පලුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
රටේ නායකයාගේ දූරදර්ශී තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අතිශය කෘතවේදී පරිශ්රමය සහ වගකීම් සහගතව සමාජ හිතකාමී අයුරින් කටයුතු කරන ජනතාවගේ සුවිශේෂ දායකත්වයත් උපයෝගී කරගනිමින් මෙම ව්‍යසනකාරී තත්වයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරන මේ මොහොතේ සියලු පාර්ශවයන්හි වගකීම වන්නේ එම වැඩපිළිවෙළ සමඟ ඒකාත්මික වීම බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.
Covid 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම හා පාලනය කිරීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලු දේශපාලන නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා මාතර දිස්ත්‍රික්කයේ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කංචන විජේසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතවරුන් රැසක් එක්ව තිබේ.
සියලු දෙනා සාමූහිකව හා සහයෝගයෙන් පවත්නා තත්ත්වය පිළිබඳ බුද්ධිමත්ව සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බව ද අවධාරණය කරන අමාත්‍යවරයා, එළඹෙන විසි වනදා සිට දරුවන්ට සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය සඳහාම වෙන් වන රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කිරීමට ද රජය පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
The post එකට වැඩ කරමුලු appeared first on Lanka News Column.
0 Comments