Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද(27) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව නිවේදනය කරයි.
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
 
මේ අතර දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත්වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් කරයි.
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණතද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();