Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ඩයමන්ඩ් ප්‍රින්සස්‘ නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිතයි

ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නෞකාව අයත් සමාගම සමග සමීපව ක්‍රියා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 1,850 ඉක්මවා තිබේ.
 
වෛරසයෙන් හේතුවෙන් මගීන් රැගත් නෞකා වරායවලට ඇතුළුවීම තහනම් කිරීම ද රටවල් රැසක් පියවර ගැනිණ. ජපානයේ නැගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් 454 දෙනෙකු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරනු ලැබේ.
 
3700 පමණ පිරිස දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට ජපාන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. නෞකාවේ සිටි අමෙරිකානුවන් 40කට වෛරසය වැළදී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();