
අද(24) සිට ලබන මාර්තු 20 වන දින දක්වා ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය පැවැත්වීමට නියමිතයි.
මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිතව තිබේ. එය පෙබරවාරි 27 වන දින සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේය.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ සබඳතා අමාත්‍යර දිනේෂ් ගුණවර්ධන ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගි විමට නියමිතයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මෙරට නියෝජිත පිරිස හෙට(25) දිනයේ දිවයිනෙන් පිටවීමට නියමිත අතර එළඹෙන 26වනදා අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් මණ්ඩලය ඇමතීමට නියමිතයි.
2015 ඔක්තෝබර් මස 30 එක දරණ සහ 2017 මාර්තු 34 එක දරණ පුර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද සංහිඳියාව වගකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරණ යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනිම මෙවර කවුන්සිලයේ දී ශ්‍රී ලංකා රජය විසින් සිදුකිරීමට නියමිතව තිබේ.
The post මානව හිමිකම් 43 සැසිවාරය අද appeared first on Lanka News Column.
0 Comments