
යාපනය චාවකච්චෙරි පොලිස් වසමට අයත් මට්ටුවිල් චන්ද්‍රපුරම් ප්‍රදේශයේ පවුලක් වස පානය කොට සියදිවි හානි කර ගැනීමට ගත් උත්සාහයකදී කාන්තාවක් මියගොස් තවත් දෙදෙනකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇත.
චාවකච්චේරි පොලිසිය පැවසුවේ එකම පවුලේ මව, දියණිය හා දියණියගේ සැමියා මෙසේ සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවයි. මව මේ හේතුවෙන් මිය ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි නවරත්නම් විමලේස්වරී නමැති කාන්තාවකි. ණය මුදල් ලබාගෙන එම මුදල් හා පොලී මුදල නියමිත දිනයට ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ කනස්සල්ල මෙම සිද්ධියට හේතු වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. චාවකච්චේරි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
The post ණය ගෙවා ගන්න බැහැ, වස බොයි appeared first on Lanka News Column.

0 Comments