
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනය යලි නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අද (22) දින සිට බලපැවැත්වෙන පරිදි අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරණු ලබයි.
මීට පෙර මෙම නිවේදනය පසුගිය දෙසැම්බර් 22 වනදා නිකුත් කෙරෙනු අතර අද සිට බලපැවැත්වෙන පරිදි අදාල නියෝග මෙම ගැසට් නිවේදනය මගින් නිකුත්කර ඇති බව සදහන්.
නිවේදනයට අනුව කොළඹ,ගම්පහ, කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවෙන බව සදහන් වේ.
මීට අමතරව මහනුවර, මාතලේ, කිළිනොච්චිය, වව්නියාව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව,බදුල්ල, මොණරාගල, රත්නපුර හා කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශ ද මීට අයත් බව අදාල ගැසට් නිවේදනයේ සදහන් වේ.
The post මහජන සාමයට හමුදාව appeared first on Lanka News Column.

0 Comments