Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ගැන කටුනායක අවධානමෙන්

කොරෝනා වෛරස් අසාධිතයින් හදුනා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපල සුදානම් කතර ඇති බවයි වාර්තා වෙන්නේ.

චිනයෙන් පැතිර යාම ආරම්භ වු නව කොරෝනා අසාධනය මේ වන විට තවත් රටවල් කිහිපයකට ව්‍යාප්ත වී තිබේ. අමෙරිකාවෙන්ද කොරෝනා අසාධිතයෙකු හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොරෝනා අසාධනය තම රටවලට ඇතුළු වීම වලක්වා ගැනීම සඳහා රටවල් ගණනාවකම ප්‍රධාන ගුවන් තොටුපළවල මේ වන විට පරීක්ෂාවට ලක්කරයි. උතුරු කොරියාව සංචාරකයින් සඳහා සිය දේශ සීමා වසා දැමීමටද පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩදුරටත් පැවසුවේ.

මේ අතර කොරොනා ආසාධිතයෙකු යැයි සැකකරමින් චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයක සිටි වයස අවුරුදු 03ක දරුවෙකු කොළඹ අයි ඩී එච් උණ රෝහලට ඇතුළත් කර තිබුණි. එහෙත් එම දරුවා නව කොරෝනා ආසාධිතයෙකු නොවන බවයි පසුව කළ පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

මේ අතර චීනය නිල වශයෙන් පවසන ආසාධිතයන් සංඛ්‍යාවට සහ මියගිය සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් චීනයේ සිටින බවයි තහවුරු නොකළ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ.

The post කොරෝනා ගැන කටුනායක අවධානමෙන් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();