Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අචාර්ය ජයම්පති යයි. සමන් රත්නප්‍රිය එයි

එජාප ජාතික ලැයිස්තුවෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය ජයම්පති වික්‍රමරත්න තම පාර්ලිමේන්තු අසුනෙන් අද සවස ඉල්ලා අස්විය. ඒ සමඟ පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය පත්කිරීමට එජාපය තීරණය කර ඇත. ඔහු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු මෙන්ම පුරවැසි බලය නමැති සංවිධානයේ සාමාජිකයෙකුද වෙයි. පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂපාතීවද කටයුතු කළ අයෙකි.

පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා සමන් රත්නප්‍රිය ගේ නම මැතිවරණ කොමිසන් සභාව වෙත යැවීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය හෙඹවූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වූ පසු ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයේ පුරප්පාඩුව පිරවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ලිඛිතව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දන්වා යවනු ලැබිය.

The post අචාර්ය ජයම්පති යයි. සමන් රත්නප්‍රිය එයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();