Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රන්ජන් හඬපට තොගයක් පාර්ලිමේන්තුවට බාර දෙයි - 225න් භාගයක්ම කපෝතියි ඇමතුම් 15,000 පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් තම දුරකථන සංවාදය ඇතුලත් සංයුක්ත තැටි කිහිපයක් ඊයේ (22)  පාර්ලිමේන්තුවට භාර දී ඇත.

මන්ත්‍රීවරයා විසින් මෙසේ පාර්ලිමේන්තුවට භාර දුන්නොත් ලද සංයුක්ත තැටි ප‍්‍රමාණය 5 ක් බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒවා මේ වන විට පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා අංශයට භාර දී ඇති අතර ඉන්පසු ඒවා පාර්ලිමේන්තුවේ පුස්තකාල ගත කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ඒවා ඉදිරියේදී සියලු මන්ත්‍රීවරුන්ට පරිහරණය කිරීමේ අවස්ථාව හිමි වේ.

කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශ්වයෙන් රාමනායක මන්ත‍්‍රීවරයාට අභියෝග කර සිටින්නේ ආණ්ඩුවේ ඕනෑම පුද්ගලයෙකු අධිකරණයට හෝ නීති නිලධාරියෙකුට බලපෑම කරන හඬ පටහක් හැකිනම් ඉදිරිපත් කරන ලෙසයි.

රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ අති විශාල හඬ පට තොගයක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එය ටෙරාබයිට් 20 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇයි ද සඳහන් වෙයි.

ඇමතුම් 15,000 පාර්ලිමේන්තුවට

මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පහළොස් දහසක් පමණ පාර්ලිමේන්තුවට භාර දී ඇති බව ඇතැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු තම ට්විටර් ගිණුමෙහි මේ බව සඳහන් කර තිබේ.
ඊයේ පස්වරුවේ මෙම තොගය අඩංගු සංයුක්ත තැටි මන්ත්‍රීවරයා විසින් බාරදී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();