Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අතුරු සම්මත ගිණුමක් රටක පැවතීම ඒ තරම් සුබ නෑ-රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

අතුරු සම්මත ගිණුමක් රටක පැවතීම ඒ තරම් සුබදායි නොවන බවත් පසුගිය රජය වගේ කම්මැලි රජයකට එය උචිත බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසයි

අද(22) මැදවච්චිය පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ,

සාමාන්‍යයෙන් රටක් පාලනය කරන්න අය වැය ලේඛණයක් අවශ්‍යයි.

නමුත් අපි මේ දින වල අපේ රජය අතුරු සම්මත ගිණුමකින් තමයි රට පාලනය කිරීම සිදු කරනුයේ.

මේ හරහා අපි බලාපොරොත්තු වෙන ජනතා සහන , රටේ සංවර්ධනය කිරීමට ඇති ඉඩකඩ අල්ප ප්‍රමාණයකි.

ඒ නිසා තමයි මම කියන්නේ අතුරු සම්මත ගිණුමක් රටක පැවතීම ඒ තරම් සුබදායි නොවන බව.

හරියටම කියනවනම් නිවසක තියෙන අන්තිම හාල් ඇටය අපි පිරිමහ ගන්නවා වාගේ වැඩක් මේ කරන්නෙ.

එහෙම කියලා අපි ජනතාවගේ සහන ලබා දීම අත පසු කරන්නේ නෑ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ අතුරු සම්මත ගිණුමක් පවතින රජයක ජනතාවට දිය හැකි උපරිම සහන අපි මේ වන විටත් ලබා දෙමින් පවතිනවා.

මේවගේ ගිණුමක් අපේ ආණ්ඩුව වගේ ජනතාවට වැඩ කරන ආණ්ඩුවකට කොහෙත්ම ගැලපෙන්නේ නෑ.

පි අප්‍රේල් අග වන විට අපේ බහුතර බලයකින් යුත් නව ආණ්ඩුව ගොඩ නැංවූ පසු අපි මේ රටේ ජනතාවට සහන සහිත ඉදිරි දැක්මත් එක්ක අය වැය යෝජනාවලියක් ගෙන එනවා.

(කැබිතිගොල්ලෑව සමූහ)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();