- නත්තල් දේවමෙහෙයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති
දෙවියන් වහන්සේ සමාජයේ සෑම කෙනෙකුටම ආදරය දක්වන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේගේ ආදරය හොඳ නරක පුද්ගලයන් ලෙස බේදයක් නොමැති බවයි.
වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවැති නත්තල් දේවමෙහෙයට සහභාගී වෙමින් පාප් වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ යම් පුද්ගලයෙකු වැරදි අදහස් වලින් හෝ වැරදි ක්‍රියාකාරකම්වල නිරතව සිටිය ද දෙවියන් වහන්සේගේ කරුණාව ආදරය ලැබීමට එය බාධාවක් නොවන බවයි.
0 Comments