ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, සිංගර් සමාගමේ අනුග්‍රහයෙන් සංවිධාන කරන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහ විදුහල සමග පැවැති තරගයෙන් කඩුලු 10ක ජයක් හිමිකර ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විදුහල සමත් විය.
මොරටුවේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරකයන්ගේ ඉනිම ලකුණු 95කට සීමාකළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 187ක් රැස් කළහ. ලකුණු 92ක් පසුපසින් යළි ඉනිම ඇරැඹු මොරටු විදුහල් දෙවැනි ඉනිම ද ලකුණු 95කට සීමාවූයේ අන්තෝනි පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 4ක ඉලක්කයක් ලබාදෙමිනි.
අන්තෝනි පිලේ ජයග්‍රහණයේ නියමුවාවූ නිම්නක ජයතිලක පළමු ඉනිමේදී කඩුලු 6ක් දවාගත් අතර දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් බිඳ දැම්මේය.
මොරටු විදුහල් පළමු ඉනිම - 95 (ඕවර 44.1) චමල්ක පුෂ්පකුමාර 31 (නිම්නක ජයතිලක 25/6, ගිහාන් ඇල්බට් 18/2, සචිත් හිරුදික 29/2) සහ දෙවැනි ඉනිම - 95 (ඕවර 42.1) (නිම්නක ජයතිලක 25/7)
සා. අන්තෝනි පළමු ඉනිම - 187 (ඕවර 74.3) මොහොමඩ් කමිල් 92 (ඩිලාන් තාරක 13/3, රෂාන් කවිෂ්ක 22/3, එරාන් හංසමාල් 64/3) සහ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 4 (ඕවර 0.1)
මැසනෝද් විදුහලට කඩුලු 8ක ජයක්
ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහල සහ කඳාන ද මැසනෝද් විදුහල අතර කඳානේ පැවැති පළමු කොටසේ තරගය කඩුලු 8කින් ජය ගැනීමට මැසනෝද් ක්‍රීඩකයෝ සමත් වූහ.
සාන්ත ඇලෝසියස් විදුහල පළමුව පන්දුවට පහරදෙමින් පළමු ඉනිමට රැස්කළ ලකුණු 91කට පිළිතුරු ලෙස මැසනෝද් ක්‍රීඩකයෝ ලකුණු 214ක් රැස් කළහ. ලකුණු 123ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු ඇලෝසියස් ක්‍රීඩකයෝ ලකුණු 203කට දැවී ගිය අතර ජයග්‍රහණය සඳහා හිමිවූ ලකුණු 81ක ඉලක්කය කඩුලු 2ක් දැවී තිබියදී සපුරා ගැනීමට මැසනෝද් ක්‍රීඩකයෝ සමත් වූහ.
සා. ඇලෝසියස් පළමු ඉනිම - 91 (ඕවර 34.3) අර්චන උඩුගම්පොල 34 (ෂෙනේෂ් ප්‍රනාන්දු 20/5, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 8/3, අසිත සිල්වා 41/2) සහ දෙවැනි ඉනිම - 203 (ඕවර 58.4) නිදුක මල්සිත් 43 (අසිත සිල්වා 63/6, ෂෙනේෂ් ප්‍රනාන්දු 77/3)
මැසනෝද් පළමු ඉනිම - 214 (ඕවර 54.5) ලෙස්ටර් ජයවීර 67 (දුල්මිණ දුෂාන් 52/6, සඳුන් මධුෂංක 48/2) සහ දෙවැනි ඉනිම - 81/2 (ඕවර 26.2)
මුදිත ලකුණු 197යි
මුදිත ප්‍රේමදාස රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් රත්ගම දේවපතිරාජ විදුහල සමග පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දේවපතිරාජ පිල ලකුණු 236ක් රැස්කළ අතර මලියදේව විදුහල පිළිතුරු ලෙස පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 303කි. එහිදී කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ මුදිත ප්‍රේමදාස ලකුණු 197ක් රැස් කිරීමට සමත් විය.
දේවපතිරාජ පළමු ඉනිම - 236 (ඕවර 68.3) පවන් සන්දේශ් 98, සුදීර වීරරත්න 43 (මතීෂ වීරසිංහ 22/2, ජයමින් මුතුකුමාරණ 28/2) සහ දෙවැනි ඉනිම - 68/6 (ඕවර 34.3) (සකිඳු විජේරත්න 16/3, පසිඳු තෙන්නකෝන් 23/2)
මලියදේව පළමු ඉනිම - 303 (ඕවර 95.5) මුදිත ප්‍රේමදාස 197, චාලුක අතපත්තු 42 (පවන් සන්දේශ් 40/2, ඉරුෂ්ක තිමිර 66/2, සදේශ නෙත්සර 70/2, සුදීර වීරරත්න 77/2)
පවන්ගෙන් ශතකයක්
පවන් රත්නායක වාර්තා කළ ශතකය හේතුවෙන් කොළඹ තර්ස්ටන් විදුහල සමග පැවැති තරගයේ පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට කොළඹ මහානාම විදුහලට හැකිවිය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල පළමු ඉනිමට ලකුණු 253ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහානාම විදුහල තරගය නතර කරනවිට කඩුලු 5ක් දැවී ලකුණු 267ක් රැස්කර තිබිණි.
තර්ස්ටන් පළමු ඉනිම - 253 (ඕවර 82.2) ජයවිහාන් මහවිතාරණ 82, බවන්ත ජයසිංහ 65, ධනංජය සිල්වා 52 (නිසල් ආකාෂ් 57/3, පවන්ත වීරසිංහ 33/2, දිනිත් කැකිරිදෙනිය 47/2)
මහානාම පළමු ඉනිම - 267/5 (ඕවර 72) පවන් රත්නායක 108, පවන්ත වීරසිංහ 43 (යොහාන් ලියනගේ 55/2)
සා.තෝමසයට පළමු ඉනිමේ ජය
කොළඹ ආනන්ද විදුහල සමග පැවැති තරගයේ පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට මාතර සාන්ත තෝමස් විදුහල සමත් විය.
මාතර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත තෝමස් පිල පළමු ඉනිමට ලකුණු 213ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ආනන්ද විදුහලට පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 97ක් පමණි.
සා. තෝමස් පළමු ඉනිම - 213 (ඕවර 78.2) හරිඳු ජයසේකර 73, හිරන්ත ලක්ෂාන් 58 (සවිරු බණ්ඩාර 40/5, ජනිඳු ජයවර්ධන 29/2) සහ දෙවැනි ඉනිම - 44/4 (ඕවර 4)
ආනන්ද පළමු ඉනිම - 97 (ඕවර 45.5) (සචිර රශ්මික 27/4, සිනෙත් සිතාර 12/2, හිරන්ත ලක්ෂාන් 15/2) සහ දෙවැනි ඉනිම - 164 (ඕවර 57.3) කනිෂ්ක රත්නතිලක 41 (හිරන්ත ලක්ෂාන් 39/4, සිනෙත් සිතාර 51/4, සචිර රශ්මික 43/2)
පළමු ඉනිමේ ජය වෙස්ලි විදුහලට
කොළඹ සහිරා සහ වෙස්ලි විදුහල් අතර පැවැති පළමු කොටසේ තරගයේ පළමු ඉනිමේ ජය වෙස්ලි විදුහල සතුවිය.
සහිරා විදුහල් පිටියේ පැවැති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සත්කාරකයෝ ලකුණු 93කට දැවී ගිය අතර පිළිතුරු ලෙස වෙස්ලි විදුහල පළමු ඉනිමට ලකුණු 176ක් රැස් කළේය.
සහිරා පළමු ඉනිම - 93 (ඕවර 31.4) (නිම්තක ඉඳුවර 33/4, දෙනුවන් මෙන්ඩිස් 10/3) සහ දෙවැනි ඉනිම - 221 (ඕවර 50.2) මොහොමඩ් ෂමාස් 62, මොහොමඩ් මෙහෙදි 53 (රාහුල් ගුණසේකර 27/2, නිම්නක ඉඳුවර 29/2, තේනුක පෙරේරා 41/2)
වෙස්ලි පළමු ඉනිම - 176 (ඕවර 47.4) සහිල් ඩයස් 32 (ඉමිතියාස් සල්සාන 56/5, රහිත් රිස්වාන් 9/2, මොහොමඩ් ඩිල්හාන් 28/2) සහ දෙවැනි ඉනිම - 129/8 (ඕවර 53) අනුදිත් වික්‍රමසිංහ නොදැවී 45 (ඉමිතියාස් සල්සා 54/3, මොහොමඩ් මෙහෙදි 21/2)
0 Comments