කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු සංගමය මගින් සංවිධාන කළ මහීපාල හේරත් අභියෝගතා කුසලාන සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත මේස පන්දු තරගාවලියේ සමස්ත ශූරයා ලෙස උදයංග රණසිංහ සම්මාන දිනාගත් අතර කාන්තා ශූරතාව ඉෂාරා මධුරංගි හිමිකර ගත්තාය.
කෑගල්ල ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ කාන්තා විද්‍යාලයේ ජිතාරා වර්ණකුලසූරිය සම්මාන දිනාගත්හ. සෙනුර අවුරුදු 15 සහ 18න් පහළ කේවල ද්විත්ව ශූරතා දිනාගත් අතර ජිතාරා ද ද්විත්ව ශූරතා දිනා ගත්තාය. ඇය අවුරුදු 18 සහ 21න් පහළ ඉසව්වලදී මේ දස්කම් දැක්වූවාය.
කැන්රිච් ෆිනෑන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් කණ්ඩ 12ක් යටතේ මේ තරගාවලිය පැවැත්විණි.
මේ අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු සංගමයේ සභාපති කනක හේරත්, හිටපු සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ කැන්රිච් ෆිනෑන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී එරන්ද අමල් ගොඩගේ යන මහත්වරුද එක්ව සිටියහ.
තරග ප්‍රතිඵල
බාලිකා
අවු. 10න් පහළ කේවල - 1.මේකලා ප්‍රනාන්දු (කොළඹ මියුසියස්), 2.සදෙව් දෙව්රු (අම්බලන්ගොඩ ධර්මාශෝක)
අවු. 12න් පහළ කේවල - 1.ඉමල්ෂා සෙව්මිණි (අම්බලන්ගොඩ - ප්‍රජාපතී ගෝතමි බාලිකා), 2.සදිනිති ජයසිංහ (කොළඹ මියුසියස්)
අවු. 15න් පහළ කේවල - 1.ඔනේලි ලෙහන්සා (කොලඹ මියුසියස්), සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක)
අවු. 18න් පහළ කේවල - 1.ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා වි.), 2.ඩී.එච්.කොළඹගේ (අම්බලන්ගොඩ ධර්මාශෝක)
අවු. 21න් පහළ කේවල - 1.ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා වි.), 2.හංසනී පියුමිල (කොළඹ විශාඛා වි.)
බාලක
අවු. 10න් පහළ කේවල - 1.අඛේන් බෝජිත් (අම්බලන්ගොඩ කුලරත්න වි.), 2.ඩිලිත් දින්සර (කෑගලු විද්‍යාලය)
අවු. 12න් පහළ කේවල - 1.කකේරු හෙන්නායක (කොළඹ ආනන්ද වි.), 2.දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම්)
අවු. 15න් පහළ පිරිමි කේවල - 1.සෙනුර සිල්වා (ආනන්ද වි.), 2.ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංස්වුඩ්)
අවු. 18න් පහළ කේවල - 1.සෙනුර සිල්වා (කොළඹ ආනන්ද වි.), 2.චන්දූප අලහකෝන් (මහනුවර කිංස්වුඩ් වි.)
අවු. 21න් පහළ කේවල - 1.ක්‍රිෂාන් වික්‍රමරත්න (විද්‍යාර්ථ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මේස පන්දු සංගමය), 2.සුපුන් වරුෂවිතාන (මොරටුව විශ්වවිද්‍යාලය).
0 Comments