Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘කපූ’ විශ්‍රාම යයි

වසර දෙකකින් ජාතික කණ්ඩායමට එක් නොවූ ශ්‍රී ලංකා පිලේ දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

වසර 2017දි එක්දින පිලේ නායකයා ලෙසත් කටයුතු කළ 32 හැවිරිදි කපුගෙදර අවසන් වරට ජාතික පිල නියෝජනය කළේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේ පාකිස්තානයට එරෙහිව අබුඩාබි නුවර පැවැති එක්දින තරගයටය. මහනුවර ධර්මරාජ විදුහලෙන් ක්‍රීඩාවට පිවිසි කපුගෙදර 19 හැවිරිදි වියේදි එංගලන්තය සමග ලෝඩ්ස් පිටියේ දි ටෙස්ට් වරම් දිනාගැනීමට සමත්වූවත් ඊට වසර දෙකකට පසුව 2009 අගෝස්තුවේ එස්.එස්.සී.පිටියේදි නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් නොවිය. 2006දිම ඔස්ට්‍රේලියාවට එරෙහිව පර්ත් නුවරදි එක්දින තරග වරම් ද, එම වසරේදිම එංගලන්තයට එරෙහිව සදර්න්ටම් හි දි විස්සයි20 තරග වරම් ද ලැබූ කපුගෙදරගේ දායකත්වය පසුකාලීනව දැඩි පසුබෑමකට ලක්වී තිබිණ.

වසර 2017 දක්වා වරින් වර එක්දින හා විස්සයි20 කණ්ඩායම්වලට ඇතුළත් වූ කපුගෙදරගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ටෙස්ට් තරග 10කට, එක්දින තරග 102කට සහ විස්සයි20 තරග 43කට සීමා වූ එකකි. ජාත්‍යන්තර පිටියේ ශතකයක් රැස් කිරීමේ අවස්ථාව නොලද කපුගෙදර සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ වාර්තා කර ඇත්තේ ටෙස්ට් අර්ධ ශතක 4ක්, එක්දින අර්ධ ශතක 8ක් සහ විස්සයි20 එක් අර්ධ ශතකයක් පමණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();