Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිමුත් පහළට වැටෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න 10 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථාන දක්වා පහතට වැටී තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල මුල් 10 දෙනා අතර සිටි එකම ක්‍රීඩකයා වූ දිමුත් ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ ඉනිම 3කදී එක් අර්ධ ශතකයක් සමගින් රැස්කළේ ලකුණු 100ක් පමණි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය නිමාවීමෙන් පසු නිකුත් කළ මේ ශ්‍රේණිගත කිරීම් අනුව එම තරගාවලියේ දස්කම් දැක්වු පාකිස්තාන පිතිකරුවන් කිහිපදෙනකු ඉදිරියට පැමිණීමට සමත්වීමද කැපී පෙනේ.

ශ්‍රී ලංකා වෙනුවෙන් දෙවැනි තරගයේදී ශතකයක් රැස්කළ ඕෂධ ප්‍රනාන්දු ස්ථාන 17ක් ඉදිරියට එමින් 52 වැනි තැනට පත්ව ඇත්තේ ශ්‍රේණිගත කිරීම්වල සිය හොඳම ස්ථානය අත්කර ගනිමිනි. නිරෝෂන් දික්වැල්ල ස්ථාන 2ක් (31), දිනේෂ් චන්දිමාල් එක් ස්ථානයක් (33) ඉදිරියට පැමිණෙද්දී ඇන්ජලෝ මැතිව්ස් 23 වැනි ස්ථානයේම පසුවෙයි. කුසල් මෙන්ඩිස් 19 වැනි තැනට පහත බැස තිබේ.

ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 262ක් රැස්කළ බාබර් අසාම් 9 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර අසාඩ් සාෆික් ස්ථාන 2ක් (20), අසාර් අලී ස්ථාන 3ක් (26), ෂාන් මසූඩ් ස්ථාන 12ක් (40) සහ තරගාවලියේ වීරයා වූ අබීඩ් අලී ස්ථාන 16ක් (62) ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති.

මේ ශ්‍රේණිගත කිරීම්වල තවමත් පෙරමුණ රැක ගැනීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත්ව ඇති අතර ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් දෙවැනි ස්ථානයේ රැදී සිටී.

පන්දු යවන්නන් අතර මුල් 10 දෙනාගේ වෙනසක් සිදුව නැති අතර ශ්‍රී ලංකාවේ ළහිරු කුමාර ස්ථාන 4කින් ඉදිරියට පැමිණ 32 වැනි ස්ථානයෙත්, කසුන් රාජිත එක් ස්ථානයක් ඉදිරියටත් (49) පැමිණ ඇත. පාකිස්තානයේ මොහොමඩ් අබ්බාස් 15 වැනි තැනත් (ස්ථාන 3ක්) සහීන් අෆ්රිඩි 39 වැනි තැනටත් (ස්ථාන 8කින් ඉදිරියට) පත්ව ඇති අතර නසීම් ෂා ස්ථාන 31ක් ඉදිරියට එමින් 79 වැනි තැන රැදී සිටී.

කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේත්, පාකිස්තානය 7 වැනි තැනත් රැදී සිටී.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();